මහා පරිමාණ විදේශ රැකියා ජාවාරමක් එළියට.. මනූෂගේ ලේකම්වරයෙක් වහා අත්අඩංගුවට ගන්න මෙහෙයුමක්.!

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පරිශ්‍රය සහ නාරාහේන්පිට කම්කරු අමාත්‍යංශය අයත් ගොඩනැගිල්ල යොදා ගනිමින් සිදුකර ඇති බව කියන මිනිස් ජාවාරමක් පිළිබඳව විෂය බාර හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාරගේ පෞද්ගලික කාර්යය මණ්ඩලයේ සිටි අයෙකු අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින බව වාර්තා වේ.

ඊශ්‍රායල් රැකියා සහ දකුණු කොරියානු රැකියා ලබාදෙන බව කියමින් අයථා ලෙස මුදල් ඉපයූ බව කියන හිටපු අමාත්‍යවරයාගේ සමබන්ධීකරන ලේකම්වරයෙකුව සිටි භාග්‍ය කාරියවසම් නැමති පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ වී ඇත.

කෙසේ වුවද, එම පුද්ගලයා සහ එම ජාවාරමට සම්බන්ධ තවත් කිහිප දෙනෙකුත් මේවන විට අතුරුදහන්ව සිටින බවයි වාර්තා වන්නේ.

මේ අතර ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශ ප්‍රකාශකයෙකු සඳහන් කරන්නේ ගාල්ලේ පිහිටි එම කාර්යාංශයේ දිස්ත්‍රික් කාර්යාල පරිශ්‍රයේ බිම් මහල භාවිතා කරමින් සිටි තිසර නානායක්කාර නැමැත්තාද මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ අයෙකු බවයි.

ඔහු හිටපු අමාත්‍යවරයාගේ සොහොයුරා බවත් වාර්තා වන අතර, හිටපු ඇමතිවරයාගේ සමබන්ධීකරන ලේකම් වරයෙකුව සිටි දේශප්‍රිය ලියනගේ නැමැත්තාද මෙම මිනිස් ජාවාරමට සම්බන්ධව සිටි බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *