නීතිපතිවරයා විසින් බලය අයුතු ලෙස භාවිත කිරීම හා රාජකාරිය බරපතළ ලෙස නොසලකා හැරීම සම්බන්ධයෙන් එහි දක්වා තිබූ අතර විමර්ශනයට අදාළ සැකකරුවන් ලෙස නම් කර තිබූ තිදෙනෙකු නිදහස් කිරීමට නීතිපතිවරයා ලබාදුන් නිර්දේශය පිළිබඳ තමා දැඩි ලෙස කනස්සල්ලට පත්වූ බව ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග විසින් අග්‍රාමාත්‍යවරිය වෙත ලිපියක් යොමු කර තිබුනි.
සිය පියාගේ ඝාතනයේ අපරාඩු නඩු විභාගයට අදාළව නීතිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන ලෙසත් එම ලිපියෙන් ඇය ආයාචනා කර තිබිණි.
අද (7) පාර්ලිමේන්තු සභාවාරයේදී මේ පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා විසින් අග්‍රාමාත්‍යවරියගෙන් මේ පිළිබඳව විමසීම් කළ අතර එහිදී අදහස් දක්වමින් ඇය මෙසේ පැවසීය.
“ඔව් මට එම ලිපිය ලැබුනා, මම ඒ සඳහා ඇයට පෞද්ගලිකව පිළිතුරු ලබාදීමට බලාපොරොත්තු වනවා. අපේ ආන්ඩුවට මෙම සිදුවීම ගැන ඉතා පැහැදිලි දැක්මක් තියෙනවා.
ලසන්ත වික්‍රමතුන්ග ඝාතනය සඳහා යුක්තිය ඉටුකිරීම අපේ අභිප්‍රායයි. අපගේ එම අභිප්‍රාය අතීතයේත් වර්තමානයේත් එකසේ නොවෙනස්ව පවතිනවා. මට අහිම්සාගේ දුක් ගැනවිල්ල හොඳින් වැටහෙනවා. මම ඇයට සහතික විය යුතුයි ලසන්ත වික්‍රමතුන්ගගේ යුක්තිය වෙනුවෙන් අප සතු බලය අපි යොදවනවා. ඔබ දන්නවා අපි උපරිම උත්සාහ කරන්නේ පවතින ක්‍රමවේදය තුළ සිටම නීතිපති කාර්‍යාලයට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ සලසමින් යුක්තිය පසඳළීම සඳහායි. නමුත් යුක්තිය ඉටු විය යුතුමයි. එම යුක්තිය ඉටුවනවාද යන්න තහවුරුකිරීම අපේ ආන්ඩුවේ වගකීමක්.
මේ සම්බන්ධයෙන් අදාල පාර්ශවයින් සමඟ සාකච්චාකිරීමට ජනාධිපතිවරයා පවා යොමුව තිබෙනවා. අවශ්‍යතාවය අනුව මෙම විමර්ශන නැවත සිදුකිරීමට උවත් අපි පසුබට වන්නෙ නෑ. ඒ සඳහා අලුතින්ම පරීක්ෂණයක් පවත්වා නැවත ශාක්ෂි එකතු කර ගැනීමට උවත් අපි පසුබට වෙන්නේ නෑ. මම කියන්න ඕනේ ලසන්තගේ යුක්තිය ඉටුවීම වෙනුවෙන් අප කළ හැකි සියල්ල සිදු කරනව.!”



ප්‍රතිචාරයක් ලබාදෙන්න