සජිත්ගේ රෙදි ගලවා, එල්ලාවල සමගිය හැරයයි.. දේශපාලනයෙන් සමුගන්නා බවත් කියයි..

පානදුර සමගි ජන බලවේගයේ ආසන සංවිධායක, කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා සිය දේශපාලන ජීවිතයෙන් සමුගන්නා බව අද (27) පානදුර දී මාධ්‍ය හමුවක් පවත්වමින් සදහන් කලේය.

එහිදී අදහස් දැක්වූ ඒ ලලිත් එල්ලාවල මහතා,

“මම දේශපාලනයට අවේ 1989 දී, පසුව විපක්ෂ නායක වුනා, සභාපති උනා, බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව ලංකාවේ විශිෂ්ටතම ප්‍රාදේශීය සභාව බවට පත් කලා, අවුරුදු 10 පළාත් සභා මන්ත්‍රී වරයෙක් ලෙස කටයුතු කලා, අවුරුදු හතරක් පාර්ලිමේන්තු මන්ත්‍රී ලෙස කටයුතු කලා, අවුරුදු 32 ක අත්දැකීම් තියෙනවා එහෙත් දැන් මේ පවතින දේශපාලනය ගැන ඇත්තේ ලොකු කලකිරීමක් පමණයි.

අවංකව දේශපාලනය කලා, මම සතුටු වෙනවා, මම දේශපාලනයට ආවේ පාපැදියක්වත් නැතිව, යන්නෙත් එහෙමමයි.

මට ජනතාව වියදම් කලේ, සතුටින් මම දේශපාලනය කලා උපරිමයෙන්ම එහෙත් සොරකම් කලේ නෑ, සමගි ජන බලවේගයේ නායකත්වය පිළිබඳ ඇත්තේ කලකිරීමක්. එහි නම සමගි උනාට ඇතුලේ සමගියක් නෑ”

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *