පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට වත්මන් ආණ්ඩුව යුක්තිය ඉටුකරනු ඇති බවත්, සත්‍ය හෙළිදරව් කරනු ඇති බවත් තමා තුළ විශ්වාසයක් සහ ශුභවාදී හැඟීමක් පවතින බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ප්‍රකාශ කළහ.
ජනමාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කළේ පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව රජය විටින් විට දැනුවත් කිරීම් සිදුකරන බවයි.
රජය මෙම සංහාරය පිළිබඳව විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් සිදුකරන බව පෙනීයන බවත්, පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව රජය මගින් තම පාර්ශ්වයත් සමඟ සිදුකරන සංවාදයෙන් පැහැදිලි වන බවත් උන්වහන්සේ අවධාරණය කළහ.



ප්‍රතිචාරයක් ලබාදෙන්න