අර්ජුන් මහේන්ද්‍රන්ට වරෙන්තු.!

කුප්‍රකට මහබැංකු වංචාව ලෙස හැඳින්වෙන මුදල් විශුද්ධිකරණ සිද්ධියකට අදාළව විභාගයට ගැනෙන නඩුවක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනීනොසිටි එවකට මහ බැංකු අධිපතිවරයාව සිටි අර්ජුන් මහේන්ද්‍රන් හා අජාන් ගාර්දීන් පුංචිහේවා යන සැකකරුවන් දෙදෙනාට විවෘත වරෙන්තු නිකුත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (19) නියෝග කළේය.

වැට් බදු නොගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අර්ජුන් ඇලෝසියස් නැමත්තාද මෙම සිද්ධියේ සැකකරුවෙකු වන අතර, එදිනට ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය.

අර්ජුන් ඇලෝසියස්, අර්ජුන් මහේන්ද්‍රන්,ජෙෆ්රි ජෝසප් ඇලෝසියස්, අජාන් ගාර්ඩ්දීන් පුංචිහේවා, පුෂ්පමුත්තු ගුණවර්ධන හා මුත්තුරාජා සුරේන්ද්‍රන් යන අය මෙම සිද්ධියේ සෙසු සැකකරුවන්ය.

එම සැකකරුවන් අතර සිටි අර්ජුන් මහේන්ද්‍රන් හා අජාන් ගාර්ඩීන් පුංචිහේවා යන සැකකරුවන් දෙදෙනා ඊයේ අධිකරණය හමුවේ පෙනීනොසිටීම සැලකිල්ලට ගෙන මහේස්ත්‍රාත්වරයා ඔවුන්ට එසේ විවෘත වරෙන්තු නිකුත් කළේය.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර ඇති බවද සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු අධිකරණයට දන්වා ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *