විදේශ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ශ්‍රී ලංකා රජය හා ජපාන රජය අතර හුවමාරු පත්‍ර සහ ශ්‍රී ලංකා රජය හා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) අතර සංශෝධන ගිවිසුම අත්සන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ශ්‍රී ලංකා රජය විසින් නිල ණයහිමි කමිටුව සමඟ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සාකච්ඡා අවසන් කර අවබෝධතා ගිවිසුම්කට එළඹීමෙන් අනතුරුව ජපාන රජය සමඟ පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලට අනුව ජපාන රජය සමඟ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීම සඳහා වන හුවමාරු පත්‍ර සහ සංශෝධන ගිවිසුම අත්සන් කළ යුතුව ඇත.
අත්සන් කළ යුතු අදාළ ලේඛන සඳහා නීතිපතිගේ එකඟතාව ලැබී තිබේ. ඒ අනුව, ජපාන රජය සමඟ හුවමාරු පත්‍ර සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය සමඟ සංශෝධන ගිවිසුම අත්සන් කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව තිබේ.
ප්‍රතිචාරයක් ලබාදෙන්න