කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරන්නේ ජනාධිපති අරමුදලින් දේශපාලනඥයන් මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කරන බවය.
ඊට අදාල ලිපි ලේඛන පිළිබඳව තවදුරටත් සොයාබලමින් සිටින බවත්, ඉදිරියේදී තවත් ලේඛන ජනතාව වෙත අනාවරණ කරන බවත් අමාත්‍යවරයා පැවැසීය.
එමෙන්ම ඇතැම් දේශපාලනඥයන් ජනාධිපති අරමුදලින් රුපියල් කෝටිය ද ඉක්මවා මුදල් ලබාගෙන ඇත්තේ කොටස් වශයෙන් නොව එකවරම බව ද අමාත්‍යවරයා අනාවරණය කළේය.
2005 සිට 2024 දක්වා කාලය තුළ ජනාධිපති අරමුදලින් දේශපාලනඥයන්ට වෙන්කර ඇති ගෙවීම් පිළිබඳ තොරතුරු අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙරේදා (17) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න