ඥානසාර හිමිට වරෙන්තු…

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුයට ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද වරෙන්තු නිකුත් කර ඇත.

ඉස්ලාම් ආගමට අපහාස කරමින් ආගමික සංහිඳියාවට බාධා කළේ යැයි චෝදනාව අදාල නඩුවේ තීන්දුව ලබාදීමට නියමිතව තිබූ අද අධිකරණයේ පෙනී නොසිටීම මත මෙම වරෙන්තුව නිකුත් කර තිබේ.

2016 ජූලි 08 වැනි දික මාධ්‍ය සාකච්ඡාවකදී ඉස්ලාම් ආගම සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයකින් ආගමික සංහිඳියාව බිඳියන ලෙස කටයුතු කර ඇති බවට චෝදනා කරමින් මෙම නඩුව පවරා ඇත.

සැකකාර හිමිගේ නීතිඥයා අධිකරණයට පැවසුවේ හිමියන් කොළඹ රෝහලක ප්‍රතිකාර ලබන බැවින් අධිකරණයේ පෙනී සිටීමට නොහැකි බවයි.

කෙසේ වෙතත් අධිකරණය විසින් සැකකරුට වරෙන්තු නිකුත් කරමින් දැන්වා ඇත්තේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *