දිවයින පුරා විශේෂ මෙහෙයුම්.

පොලීසිය විසින් දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම යටතේ විවිධ අපරාධ සිද්ධීන්වලට සෘජුව සම්බන්ධ පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ දිනයේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

එම මෙහෙයුමේදී පුද්ගලයින් 32,201 දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

එහිදි විවිධ සිද්ධීන්වලට සැකපිට පුද්ගලයින් 736 දෙනෙකු සහ වරෙන්තුකරුවන් 271 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊට අමතරව බීමත් හා අපරික්ෂාකාරී රිය ධාවනය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 48 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන  ඇති බව පොලීසිය සඳහන් කළේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *