අමෙරිකාවෙන් පිටුවහල් කළ පළමු කණ්ඩායම ඉන්දියාවට පැමිණේ.!

නීතිවිරෝධී සංක්‍රමණිකයන් ලෙස අමෙරිකාව විසින් හඳුනාගනු ලැබූ පළමු ඉන්දීය සංක්‍රමණික කණ්ඩායම ඉන්දියාවට ළඟාවී තිබේ.

ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කළේ 104 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එලෙස පැමිණි බවත්, අමෙරිකානු හමුදාවේ C-17 වර්ගයේ ගුවන් යානයක් දැඩි ආරක්‍ෂාව මධ්‍යයේ ශ්‍රී ගුරු රාම් දාස්ජී අන්තර්ජාතික ගුවන්තොටුපළට ගොඩබා ඇති බවත් ය.

එම පිරිස හර්යානා, ගුජ්රාට්, පන්ජාබ්, උත්තර් ප්‍රදේශ් සහ චන්දිගාර් සහ මහාරාෂ්ට්‍ර පදිංචිකරුවන් බව වාර්තා වේ.

පිටුවහල් කළ පිරිස අතරට කාන්තාවන් 25 දෙනකු සහ බාලවයස්කරුවන් 12 දෙනකු ඇතුළත් වන අතර ලාබාළතම මගියා වයස අවුරුදු 04 ක දරුවෙකි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *