ඩිජිටල් ID එක ළඟ ළඟම එයි.!

ඩිජිටල් හැඳුනුම්පත මේ මාසයේ සිට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසීය.

අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ, අලුතින් ලබාදෙන සියලුම හැඳුනුම්පත් ඩිජිටල් කිරීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා කියා සිටියේය.

මේ වනවිටත් හැඳුනුම්පත් ලබාගැනීමේ විශාල පරක්කුවක් පවතින බැවින් එය අවම කිරීමට මේ තුළින් කටයුතු කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම ඩිජිටල් හැඳුනුම්පත් පද්ධතිය සකස් කිරීමට රු බිලියන 20ක් වැනි පිරිවැයක් දැරීමට සිදුවන බැවින් ඉන් අඩක් හෝ ඉන්දීය ආධාර යටතේ ලබාගැනීමට තීරණය කර ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර, ඩිජිටල් ජාතික හැඳුනුම්පතට අදාළ ජෛවමිතික දත්ත එකතු කිරීම ඉන්දියානු සමාගමකට ලබාදී ඇතැයි ඇතැමුන් සිදුකරන පදනම් විරහිත ප්‍රකාශවලට නොරැවටෙන ලෙස ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

Spread the news

Comments

“ඩිජිටල් ID එක ළඟ ළඟම එයි.!”ට එක් ප්‍රතිචාරයක්

  1. W V Kaveeshwara Avatar

    ඉන්දියාවට දෙන එක පොඩ්ඩක් අවුල් නේ මොකද අන්ඩු බලේ නැතිකලෙත් පොඩ්ඩක් ඉන්දියන් විරෝධී කමක් තිබ්බා දැන් අපේ මිනිස්සුන්ගෙ අනන්න තාවය ඉදියාව වගෙ බල ලෝබී කුහක රටකට දෙනවා කියන්නේම පොඩ්ඩක් හිතලා බලන්න ජේ ආර් එක්ක ඉන්දියාව අපේ රටට විරුද්ධව වැඩ කරද්දි එදා JVP ඒක රට වේනුවෙන් හඩ නෑගුවා රටට අහිතකර ඔනම බලපෑමක් ආපු හැම වෙලාවෙම එයට විරුද්ධව කාතා කරපු එකම පක්ෂය ඉන්දියාව වගෙ වියාප්ත වාදය විහිදුවන රටකට අපෙේ මිනිසුන්ගෙ අනන්‍යතාවය අතට දෙන එක පහුවෙනකොට මලිමා අන්ඩුවටත් බලපෑමක් කියන එක තෙරෙන්නෙ නැද්ද රනිල් ගිහින් ඉන්දියාවේ කුමන්ත්‍රණය කරලා මොන ගෙමක් ගහන්න හදනවාද ඉන්දියාව වගෙ රටකට බලශක්තිය අතට ගියත් එකයි අපේ මිනිස්සුන්ගෙ අනන්‍යතාවය ගියත් එකයි එකෙන් අපි වගෙ රටක දේශපාලන පාවා ඔවුන්ට ඔන විදිහකට හසුරවන්න පුලුවන් මොකද ලොක බල තුලනය ඇතුලේ අපි අපේ අනන්‍යතාව පරිස්සමෙන් රැකගන්න ඔනේ නත්තන් ජාත්‍යන්තර කුමන්ත්‍රණවල ගොදුරක් වේලා නවතින්නේ… ඉට පස්සේ මිනිස්සුන්ට තෙරෙයි යකෝ රනිල් අමරුවෙන් කරන්න ගිය එක මුන් ලේසියෙන් කරා කියල කල්පනා කරීව මහජන කතිකාවක් ගොඩනැගිය යුතුයි ❤️

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *