චීනයෙන් ප්‍රබල ණය කප්පාදුවක්.! (වීඩියෝ)

ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන සංචාරය මෙරටට අතිශයෙන්ම වැදගත් තීන්දු තීරණ රැසකට හේතුවන සංචාරයක් බව නොයෙකුත් පාර්ශ්ව පෙන්වා දෙන අතර, චීන විදේශ අමාත්‍යාංශය ද පවසා ඇත්තේ මෙම සංචාරය දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය ඉදිරියට ගෙන යාමේ වැදගත් පියවරක් ලෙසය.

මෙම සංචාරයේ දී දෙරට අතර අවබෝධතා ගිවිසුම්වලට අමතරව වින ජනාධිපතිවරයා සමග ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සාකච්ඡා වටද පැවැත්වීමට නියමිත බවත්, එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කැපවීම් වලට අනුකූලව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා මෙන්ම ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා චීනය ලබාදී ඇති සහාය ඇතුළුව තවත් ද්වි පාර්ශ්වික වටිනාකමක් ඇති කරුණු රාශියක් පිළිබඳව සාකච්ඡා වනු ඇති බවත් මීට පෙර විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කර තිබිණි.

කෙසේ වෙතත් නිල නොවන ආරංචි මාර්ග හෙළිකරන පරිදි මෙම සංචාරයේ දී චීනය විසින් මෙරට ණය කප්පාදුවක් ද කිරීමට නියමිතව ඇති බවත් වාර්තා වේ.

Spread the news

Comments

One response to “චීනයෙන් ප්‍රබල ණය කප්පාදුවක්.! (වීඩියෝ)”

  1. ලාල් ගුරුගේ Avatar
    ලාල් ගුරුගේ

    මාලිමාව සහ අනුර සහෝදරයා වෙනුවෙන් ඕනෑම දෙයක්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *