අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුට එරෙහිව දෝෂාභියෝගයක් ලෑස්තියි.!

මහජන ආරක්‍ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසූවේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් කිරීමට රජට තීරණය කර ඇති බවයි.

දෝෂාභියෝගය සඳහා මේ වන විට ඒ සඳහා අත්සන් ලබා ගැනීමද අවසන් බවත් වටගල මහතා වැඩිදුරටත් පැවසීය.

අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට වාර්තා පළ වී ඇති නිසා ඒ පිළිබඳව සොයා බැලීමෙන් අනතුරුව ඉදිරි පියවර ගැනීමට නියමිත බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *