ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ සිව්දින රාජ්‍ය සංචාරයක් සඳහා බීජිං නුවරට පැමිණ තිබේ.
චීන විදේශ අමාත්‍යාංශය පවසන්නේ මෙම සංචාරය දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය ඉදිරියට ගෙන යාමේ වැදගත් පියවරක් බවයි.
චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතා ජනාධිපති දිසානායක මහතා සමඟ සාකච්ඡා කිරීමට නියමිත අතර, මෙහිදී ශ්‍රී ලංකා ජනපතිවරයා චීන අගමැති Li Qiang මෙන්ම ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති Zhao Leji ද හමුවනු ඇති බවත් සඳහන් ය.
බෙයිජිං ප්‍රකාශකවරයකු පවසන්නේ 1957 දී දෙරට රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කළ දා සිට චීනය සහ ශ්‍රී ලංකාව මිත්‍ර අසල්වැසියන් වන බවත්, මෙම සබඳතාව වෙනස්වන ජාත්‍යන්තර භූ දර්ශනයක පරීක්ෂණයට ඔරොත්තු දුන් බව හා මිත්‍රශීලී සහජීවනය සඳහා හොඳ ආදර්ශයක් ලබා දෙමින් දෙපාර්ශවයම යහපත් සහ ස්ථාවර සංවර්ධනයක් පවත්වාගෙන යන බවත්ය.
ඉන්දියන් සාගරයේ උපායමාර්ගිකව පිහිටා ඇති ශ්‍රී ලංකාව, දැනටමත් චීනයට අත්‍යවශ්‍ය හවුල්කරුවෙකු ලෙස ඉස්මතු වී ඇත.
විවිධ අංශ හරහා ප්‍රායෝගික ව්‍යාපෘති සමඟින් උසස් තත්ත්වයේ ‘එක් තීරයක් එක් මාවතක්‘ සහයෝගීතාව පුළුල් කරන අතරම අන්‍යෝන්‍ය විශ්වාසය ගැඹුරු කිරීමේ අවස්ථාවක් ලෙස ජනාධිපති දිසානායක මහතාගේ සංචාරය සලකන බවත් චීනය පවසයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න