මුදල් කාරක සභාවේ සභාපති හර්ෂ…

ශ්‍රී ලංකාවේ 10 වැනි පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (COPF) සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පත්කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වාගේ පත්වීම කථානායක ජගත් වික්‍රමරත්න විසින් අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත්කළේය.

රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සාමාජිකයන් ලෙස හර්ෂණ සූරියපෙරුම, රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, නිමල් පලිහේන, විජේසිරි බස්නායක, තිළිණ සමරකෝන්, ලක්මාලි හේමචන්ද්‍ර යන අය කථානායකවරයා විසින් නිවේදනය කර තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *