කොරෝනා කාලේ රු. බිලියන 2ක් වැයකරමින් NMRA අනුමැතියක් නැතුව රටට ඇන්ටිජන් ගෙනත් කළ මහා වංචාවක් එළියට…

අද පාර්ලිමේන්තුවේදී හෙළිදරවු වූයේ කොවිඩ්-19 වෛරසය මෙරට පැතිර තිබූ සමයේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ(NMRA) අනුමැතිය නොමැති සමාගමක් වෙතින් රුපියල් මිලියන 2000කට අද්ධික වටිනාකමකින් යුත් රැපිඩ් ඇන්ටිජන් කට්ටල මිලදී ගෙන ඇති බවය.

විපක්ෂයෙන් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් සෞඛ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස අනාවරණය කරනු ලැබුවේ, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලබාදී නොමැති දිවැස ෆාමා කලම්බු නම් සමාගමකින් රැපිඩ් ඇන්ටිජන් කට්ටල මිලියන 2ක සංඛ්‍යාවක් මිලදීගෙන ඇති බවයි.

මෙම රැපිඩ් ඇන්ටිජන් කට්ටල තොගය වෙනුවෙන් වැයකර ඇති මුදල රුපියල් මිලියන 2200ක් බවද ඇමැතිවරයා සඳහන් කළේය.

එම සමාගම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය සඳහා අනුමැතිය ඉල්ලා ඇති නමුත්, අවශ්‍ය සුදුසුකම් සපුරා නොමැති බැවින් ඊට අනුමැතිය ලබාදී නැති බවද ඇමතිවරයා පැවැසීය.

මෙම අයථා ක්‍රියාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමත්‍යංශය මට්ටමින් පරීක්ෂණයක් පවත්වන බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එම වකවානුවේ රුපියල් මිලියන 6442ක් වැයකරමින් රටට PCR සහ රැපිඩ් ඇන්ටිජන් කට්ටල මෙරටට ආනයනය කර ඇති බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *