ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසු සංචාරක කාණ්ඩයේ වාහන සඳහා ටොයොටා ලංකා වාහන පළමු තොගය මෙරටට ආනයනය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව බස් සහ වෑන් රථ මෙරටට මාස හතරක කාලයක් ඇතුළත සාර්ථකව ආනයනය කරන ලද බව එම සමාගම නිවේදනය කරයි.
ඉදිරියේදී තවත් බොහෝ වාහන අනනය කිරීමට බලාපොරොත්තු වන බවද එම සමාගම කියයි.
මේ අතර වාහන ආනයනට පෙර ටොයොටා ලංකා සමාගම විසින් පූර්ව ප‍්‍රචාරක දැන්වීම් වල සදහන් කර තිබුනේ ලක්‍ෂ 150ක මුදලකට අලුත්ම ටොයොටා වෑන් රථයක් හා ලක්‍ෂ 170කට අලුත්ම ටොයොටා බස් රථයක් අලෙවි කරන බවත්ය.
වර්තමාන වෙළඳපොල තුල වසර 10ක් පමණ පැරැණි මෙම කාණ්ඩයේ වෑන් රථ රුපියල් කෝටි දෙකකට ආසන්න මිලකට අලෙවි කරමින් ඇති පසුබිමකදී මෙම වාහන ආනයනක කිරීම හරවා වෙළඳපොල වාහන මිළ සම්බන්ධයෙන් ඇති අධික ඉල්ලුම සැළකියයුතු මට්ටමකින් පහල බසිනු ඇති බව වාහන ආනයනකරුවෝ පවසති.


ප්‍රතිචාරයක් ලබාදෙන්න