නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 වර්ෂයේ දියත් කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
2025 තුළ වර්ෂය ඒ වෙනුවෙන් සුදානම්වීමේ ක්‍රියාවලිය සිදුවන අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
අග්‍රාමාත්‍යවරිය ඒ බව පවසා සිටියේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පසුගිය දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රධාන කුළුණු 05ක් යටතේ ක්‍රියාත්මක වීමට නියමිත බව පැවසු සභාපතිනිය, ඒ අනුව, නව විෂය නිර්දේශයක් හඳුන්වාදීම, මානව සම්පත් දියුණු කිරීම, යටිතල පහසුකම් දියුණු කිරීම, මහජනතාව දැනුවත් කිරීම සහ නිසි තක්සේරුව සහ ඇගයීම යන ප්‍රධන කුළුණු යටතේ මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පළමු ශ්‍රේණියේ සහ හයවන ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් 2026 වර්ෂයේ ප්‍රථමයෙන් හඳුන්වාදීමට මේ වන විටත් කටයතු යොදා තිබෙන බව වැඩිදුරටත් පැවසුවාය.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට අනුබද්ධිත අනුකමිටු 6ක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදී.
ඒ අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, පාසල්වල පවතින මානව හා භෞතික සම්පත් ඌනතාවය, පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ළමයින් ඇතුළත් කර ගැනීම, අධ්‍යාපන සභාව පිහිටුවීම, උසස් අධ්‍යාපන අංශය, නිපුණතා අධ්‍යාපන අංශය වශයෙන් උපදේශක කාරක සභාවට අනුබද්ධිත අනු කමිටු 6ක් ස්ථාපිත කිරීමට නියමිතය.
එසේම ජාතික හා පළාත් මට්ටමේ මෙම අමාත්‍යාංශයට අදාළ කරුණු සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරුණි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න