සා.පෙළ උප­කා­රක පන්ති අද රෑ 12න් පසුව තහ­නම්.!

අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර සාමාන්‍ය පෙළ 2024 (2025) විභා­ග­යට අදා­ළව උප­කා­රක පන්ති පැවැ­ත්වීම අද (10) මධ්‍යම රාත්‍රී 12 සිට විභා­ගය අව­සන් වන තෙක් තහ­නම් බව විභාග කොම­සා­රිස් ජන­රාල් අමිත් ජය­සු­න්දර මහතා පැව­සීය.

මේ මස 17 වැනිදා සිට 26 වැනිදා දක්වා රට පුරා මධ්‍ය­ස්ථාන 3,663කදී සාමාන්‍ය පෙළ විභා­ගය පැවැත්වේ.

හෙට (11) මධ්‍යම රාත්‍රී 12 සිට විභා­ගය අව­සන් වන තෙක් විභාග අපේ­ක්ෂ­ක­යන් සඳහා උප­කා­රක පන්ති සංවි­ධාන කිරීම සහ එම පන්ති මෙහෙය වීම, විෂ­යා­නු­බද්ධ දේශනා, සම්ම­න්ත්‍රණ, වැඩ­මුළු පැවැ­ත්වීම, විභා­ගය සඳහා අනු­මාන ප්‍රශ්න ඇතු­ළත් ප්‍රශ්න පත්‍ර මුද්‍ර­ණය කිරීම සහ ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍ර­වල ප්‍රශ්න ලබා­දෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබා­දෙන බවට පෝස්ටර්, බැනර්, අත්ප­ත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම සපුරා තහ­නම් වේ.

යම් අයෙක් හෝ ආය­ත­න­යක් හෝ වෙනත් පාර්ශ්ව­යක් මෙම නියෝග නොස­ලකා හැරි­යොත් ඒ තැනැත්තා හෝ ආය­ත­න­යට එරෙ­හිව නීතිය දැඩිව ක්‍රියා­ත්මක කරන බව විභාග කොම­සා­රිස් ජන­රා­ල්ව­රයා ප්‍රකාශ කළේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *