රාජ්‍ය සේවය කාර්යක්ෂමකර ජනතාවට උපරිම සේවයක්..

රාජ්‍ය සේවයේ සිටින පිරිස ඵලදායි ලෙස හා කාර්යක්ෂමව සේවයේ යෙදවීම රජයේ අපේක්ෂාව බවත් රාජ්‍ය සේවක කප්පදුවක් සිදුකිරීමට බලාපොරොත්තුවක් නොමැති බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කරයි.

දැනට බඳවා ගත් පිරිස රටේ ජනතාවට සේවය සපයන ආකාරයට විදිමත්ව ස්ථානගත කිරීමට බලාපොරොත්තු වන බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කරයි.

අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කළේ,

“රැකියා කප්පාදුවකට යන්න බලාපොරොත්තුවක් නෑ. මොන විදියට බඳවා ගැනීම් සිදුකළත් ඒ අය රජයේ සේවයට ඇතුළත් වෙලා තියෙනවා. ඒ මත තමන්ගේ ජීවිතය සැලසුම් කරගෙන තියෙනවා.

සමහරු බැංකු ණය අරන් ඇති, ජීවිතයට එකතු කරගෙන ඇති එවැනි කෙනෙකුගේ සාමාන්‍ය ජීවිතය අඬාල කරන්න අපි කටයුතු කරන්නේ නෑ. ආර්ථික දුෂ්කරතාවයන් මත ඒ බඳවා ගැනීම් සිදුකර තිබෙන්නේ.

නමුත් අපි රජයෙන් ඔවුන් වෙනුවෙන් විශාල මුදලක් වියදම් කරනවා. මහජනතාවට උපරිම සේවයක් ලබාදීමට රාජ්‍ය සේවය කළමනාකරණය කරනවා.”

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *