බැංකු ගිණුමකින් හොරාට මුදල් ඇද්ද කල්ලියක් කොටුවෙයි.

බැංකු ගිණුමක තිබූ රුපියල් 569,610.00ක මුදලක් වංචා කිරීමක් සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

2024.05.29 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත ලැබුණු පැමිණිල්ලක් මත ඊයේ (14) මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ මුදල් වංචා කිරීම, සාවද්‍ය පරිහරණය හා විශ්වාසය කඩ කිරීම යන චෝදනාවලට සම්බන්ධ සැකකරුවෙකු හා ඊට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකුය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 30 සහ 38 වයස්වල පසුවන දෙහිදෙණිය, මුරුතලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි. 

වෙබ් අඩවියක පල කර තිබූ ජල මෝටරයක් විකිණීමට අදාළ දැන්වීමක් අනුව සැකකරුවන් විසින් එය මිලදී ගන්නා බවට හඟවමින් විකුණුම්කරුට අත්තිකාරම් මුදලක් තැන්පත් කරන මුවාවෙන් ඔහුගේ බැංකු ගිණුමට සම්බන්ධිත OTP අංකය ලබාගෙන මෙම මුදල් වංචා කිරීම  සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශයේදී අනාවරණය වී ඇත.

සැකකරුවන් අද (15) වාරියපොළ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් ඒකකයේ පරිගණක අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *