ශ්‍රී ලංකා රජයේ අයවැය මඟින්, දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙස මූල්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා බලධාරීන්ගේ කැපවීම ඉස්මතු කරනු ලබන ඇති බවත්, මෙම ප්‍රවේශය සාර්ථක වුවහොත්, ස්වෛරී ණය පැතිකඩෙහි දිගුකාලීන දුර්වලතාවයක් සමනය කරනු ඇති බවත් ෆිච් රේටිංග්ස් පවසයි.
එමෙන්ම ඔවුන් පවසන්නේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය 17දා ඉදිරිපත් කරන ලද සිය රජයේ පළමු අයවැය කතාවෙහි අයවැය යෝජනා බොහොමයක්, 2024 දෙසැම්බර් මාසයේ දී ෆිච් රේටිංග්ස් විසින් කරන ලද ඇගයීමේ උපකල්පනවලට අනුකූල බවය.
ෆිච් රේටිංග්ස් විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ‘RD’ සිට ‘CCC+’ දක්වා ඉහළ නැංවීමට කටයුතු කළේය.
දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙසින් රාජ්‍ය ආදායම 2023 වසරේ පැවති 11.4% සිට 2025 වසරේ දී 15.1% ක් දක්වා ඉහළ නංවා ගැනීමට රජය ගෙන ඇති ඉලක්කය, ෆිච් රේටිංග්ස් විසින් 2026 වන විට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තබා ඇති ඉලක්ක ගත 15% සීමාව කලින්ම ඉක්මවා යාමකි.
අයවැයට ආනයන/අපනයන වෙළෙඳාම් හරහා ලැබෙන ආදායමේ 36.5%ක වැඩිවීමක් හා ආදායම් බදුවලින් ලැබෙන ආදායමේ 13.1% ක වැඩිවීමක් ඇතුළත් බව ෆිච් රේටිංග්ස් සඳහන් කරයි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න