මෙවර ඉදිරිපත් වී ඇති අය වැය තාරුණ්‍ය ගොඩනැගීම සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් සහිත අයවැයක් බව සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජික මහේෂ් අඹේපිටිය පවසයි.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසන්නේ පුනරුත්ථාපනය සඳහා යොමු කර ඇති තරුණ තරුණියන් වෙනුවෙන් මෙවර අයවැයෙන් වැඩිපුර වෙන් කොට ඇති මිලියන 100 ක මුදල පිළිබඳවත්, ඔවුන් ඉලක්ක කර ගනිමින් අරමුණු සහගතව NVQ මට්ටමේ වෘත්තීය පුහුණුවක් ලබා දීම වෙනුවෙන් දියත් කරලීමට බලාපොරොත්තු වෙන වැඩපිළිවෙලත්, අගය කරන බවය.
අදාළ නිවේදනය පහළින්..
මාධ්‍ය නිවේදනයයි.
තෘප්තිමත් තාරුණ්‍යක්, නිවහල් චින්තනයක් වෙනුවෙන් පෙරනිමිති පෙන්වන අයවැයක්.
වත්මන් රජය විසින් ඉදිරිපත් කොට ඇති අය වැය සම්බන්ධයෙන් සිය ස්ථාවරය පිළිබඳව අදහස් දැක්වීමට සමාජවාදී තරුණ සංගමය මඟින් අද(20) දින මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි…!
ආණ්ඩු බලය ලබා ගැනීමට පෙර සිටම මෙරට තරුණ තරුණියන් සමඟ එකට එක්ව කටයුතු කරන ස්වේච්ඡා තරුණ සංවිධානයක් ලෙස කාලයක සිට තාරුණ්‍ය ගොඩනැගීම සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් තම සංවිධානය විසින් ඉදිරිපත් කළ බවත්, මෙවර අය වැය මඟින් එම වැඩපිළිවෙල සාක්ෂාත් කර ගැනීමට හැකියාව ඇති බවත්, සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජික මහේෂ් අඹේපිටිය ප්‍රකාශ කළේය.
මෙම මාධ්‍ය හමුවට සම්බන්ධ වූ සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර ලේකම් අංජන අමරසිංහ ප්‍රකාශ කර සිටියේ, ක්‍රීඩාව වෙනුවෙන් පසු ගිය ආණ්ඩු විසින් වෙන් කළ ප්‍රතිපාදනයන්ට වඩා වැඩි මුදලක් වෙන් කිරීමත්, එම වැය ශීර්ෂයන් තුළ ක්‍රීඩාව ඉහළ නැංවීම වෙනුවෙන් සකසා ඇති වැඩපිළිවෙලත්, සංවිධානයක් ලෙස අගය කරන බවයි.
වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු, පුනරුත්ථාපනය සඳහා යොමු කර ඇති තරුණ තරුණියන් වෙනුවෙන් මෙවර අයවැයෙන් වැඩිපුර වෙන් කොට ඇති මිලියන 100 ක මුදල පිළිබඳවත්, ඔවුන් ඉලක්ක කර ගනිමින් අරමුණු සහගතව NVQ මට්ටමේ වෘත්තීය පුහුණුවක් ලබා දීම වෙනුවෙන් දියත් කරලීමට බලාපොරොත්තු වෙන වැඩපිළිවෙලත්, අගය කරන බව ප්‍රකාශ කරන ලදී.
මෙම ප්‍රවෘත්තිය ඔබ මාධ්‍ය මඟින් ප්‍රචාරය කර දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. ඔබ ලබාදෙන සහයෝගය බෙහෙවින් අගය කරමු.
මෙම අවස්ථාවේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන මේ සමඟ යොමු කර ඇත.
මාධ්‍ය අංශය
සමාජවාදී තරුණ සංගමය
ප්‍රතිචාරයක් ලබාදෙන්න