ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරුට පළායෑමට සහාය වූ වෑන් රථයේ රියදුරුව අත්අඩංගුවට ගෙන තිබේ.
අද (20) පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් සිදුකරමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මේ බව පැවසීය.
අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ සිදුවු වෙඩිතැබීමෙන් සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නැමැත්තාගේ ඊයේ උදෑසන ඝාතනයට ලක්වුණි.
පසුව සිදුකළ පරීක්ෂණවලින් අනතුරුව ප්‍රධාන සැකකරුව ද ඊයේ (19) පුත්තලම පාලවිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න