නල්ලතන්නියේ තේ කර්මන්තශාලාවක් ගිනිගනී.

මස්කෙළිය වැවිලි සමාගම යටතේ පාලනය වන නල්ලතන්නිය ලක්ෂපාන වතුයායේ තේ කර්මන්තශලාවේ තේ කුඩු නිෂ්පාදන අංශයේ අද (09) අලුයම 1ට පමණ ගින්නක් හට ගෙන තිබේ.

තේ කුඩු නිෂ්පාදන අංශයේ හටගත් ගින්න තේ කොළ ගබඩා කර තිබූ ගබඩා කාමරය තෙක් පැතිරී යෑම හේතුවෙන් ඇසුරුම් කරන ලද නිමි තේ කුඩුද විශාල වශයෙන් විනාශ වී ඇතැයි channel4 අප වාර්තාකරු පැවසීය.

පැතිර යමින් තිබු ගින්න එම වතුයායේ වතු කම්කරුවන් එක්ව සෙසු අංශ වෙත පැතිරීම පාලනය කර ඇත.

කෙසේවෙතත් වතු කම්කරුවන් චෝදනා කර සිටියේ, වතු පාලනාධිකාරිය විසින් සැලසුම් කර මෙම ගින්න ඇති කර ඇති බවය.

ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නෙමැති අතර, ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැත.

තේ කර්මාන්තශාලාවේ ගින්න හටගැනීම හේතුවෙන් විදුලිය විසන්ධි කර ඇති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

නල්ලතන්නිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *