ලෝකයේ උසම කඳු මුදුනේ ගාස්තුව 36%කින් ඉහළට.!

ලොව උසම කඳු මුදුන වන නේපාලයේ එවරස්ට් කඳු මුදුන තරණය සඳහා වන බලපත්‍ර ගාස්තුව 36% කින් වැඩිකර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ලෝකයේ උසම කඳු 14න් 8ක් නේපාලයේ පිහිටා ඇති අතර විදේශ කඳු නගින්නන්ගේ බලපත්‍ර ගාස්තුව සහ අනෙකුත් වියදම් වලින් ලැබෙන ආදායම රටට ප්‍රධාන ආදායම් මාර්ග සහ රැකියා බොහොමයක් සපයන බව එරට බලධාරීහු පවසති.

එවරස්ට් තරණය සඳහා වන නව බලපත්‍ර මිල ඩොලර් 15000ක් වන අතර සෑම වසරකම කඳුු නගින්නනන් සිය ගණනක් එවරස්ට් සහ හිමාල කඳු මුදුන් තරණය කිරීමට උත්සාහ දරති.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *