අභිරහස් ඩ්‍රෝන යානාවක් ත්‍රිකුණාමලය මුහුදේ.!

විදෙස් රටක නිෂ්පාදිත ඩ්‍රෝන යානාවක් ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදේ දී ධීවරයෙකුට හමුවී ඇති අතර, ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර තිස් හයක් පමණ මුහුදේ දී මෙම යානය හමුවූ බව අදාල ධීවරයා පවසා තිබේ.

එම යානාව වැඩිදුර පරීක්ෂණ සඳහා ත්‍රිකුණාමල ගුවන් හමුදා කඳවුරට ගෙන ගොස් ඇත.

එම ගුවන් යානාව ගුවන් හමුදා පුහුණුවලදී ගුවන් යානාවන්ට ප්‍රහාර එල්ල කිරීම සඳහා භාවිතා කරන ඩ්‍රෝන යානාවක් බවත්, මෙවන් යානා ඉන්දිය ගුවන් හමුදාව පුහුණු සැසිවල ඉලක්ක ලෙස භාවිත කරන බවත් ගුවන් හමුදා විමර්ශනයේදී හෙළිව තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *