යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහි නඩුවක් කැඳවන්න දිනදෙයි.

යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තනිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහි නඩුවක් දෙසැම්බර් මස 10 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයායි මෙම නඩුව ගොනුකර තිබෙන්නේ.

2009 වසරේ මාර්තු මස 31 වනදා සහ 2013 වසරේ දෙසැම්බර් මස 12 වන දා අතර නීති විරෝධී ලෙස උපයාගත් රුපියල් මිලියන 59 කට අධික මුදලක් පෞද්ගලික බැංකු ගිණුම් තුනක ස්ථාවර තැන්පතු ගිණුම්වල තැන්පත් කළ බවට ඔවුන්ට චෝදනා එල්ල වනවා.

මෙම නඩුව අද(29) කැඳවූ අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියේ අදාළ ලේඛන සියල්ල විත්තියට භාරදී තිබෙන බවයි.

ඒ අනුව නඩුව විභාගය සඳහා දින නියම කළ හැකි බව ද ඔහු පැවසුවා.

එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා පැවසුවේ ඉල්ලා සිටි ලේඛන සමහරක් ලැබීමට නියමිතව තිබෙන බවයි.

ඉන් අනතුරුව මෙම නඩුකරයට අදාළ පිළිගැනීම් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද ඔහු පැවසුවා.

ඒ අනුව මෙම නඩුව යළි දෙසැම්බර් මස 10 වනදා කැඳවීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එදින මෙම නඩුවට අදාළ පිළිගැනීම් ඉදිරිපත් කරන ලෙස නියෝග කළා.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *