දසවැනි පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව එළඹෙන සතියේ රැස්වීමට නියමිත බව එම කාරක සභාවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා සදහන් කරයි.
ඒ අනුව මුලින්ම ජාතික තරුණ සේවා සභාව, ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය කැඳවීමට බලාපොරොත්තු වන බවද සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා සදහන් කරයි.
එම ආයතන සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය නිකුත් කර ඇති විගණන වාර්තා පදනම් කරගෙන මෙම විමර්ශන කටයුතු ආරම්භ කරන බවද සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර සදහන් කරයි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න