ලංකා සතොස හරහා පාරිභෝගික ජනතාවට පොල් අලෙවි කිරීම සඳහා සතියකට පොල් ගෙඩි ලක්ෂ හයත් හතත් අතර ප්‍රමාණයක් බෙදා හරින බව සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා පවසයි.
ඔහු සඳහන් කර ඇත්තේ, කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට බෙදා හැරීම සඳහා රජයේ වතු හතරට අයත් ශාඛා සමිතිවලින් පොල් ගෙඩියක් රුපියල් 110 බැගින් මිලට ගන්නා බවයි.
පොල් වතු හිමියන් සහ ඔවුන්ගේ ශාඛා සමිතිවලින් මෙලෙස පොල් එකතු කරගන්නා බවත් සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.
දේශීය පරිභෝජනයට මෙන්ම අපනයනය සඳහාත් අපේක්ෂිත වාර්ෂික පොල් අස්වැන්න බිලියන 3ක් වන අතර එම පොල් අස්වැන්න මේ වසරේ සියයට 30කින් පමණ අඩුවී තිබේ.
ප්‍රතිචාරයක් ලබාදෙන්න