‘පොඩි ලැසී’ ට ඇප…

රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජනිත් මධුශංඛ නොහොත් ‘පොඩි ලැසී’ ඇප මත මුදාහැර තිබේ.

අද පෙරවරුවේ බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේ මෙම නියෝගය ලබා දී ඇත.

මේ අතර විශේෂ කාර්ය බලකාය විසින් 12.08 වන දින බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ සෝදිසි කිරීමක් සිදුකර ඇත.

එහි දී පොඩි ලැසි රඳවා සිටි සිර මැදිරිය පිටුපසට ස්මාර්ට් ජංගම දුරකථනයක් හැන්ප්‍රි එකක් සමග තලා හානිකර විසිකර තිබියදී හා රැඳවියා විසින් නාන ස්ථානයේ කොන්ක්‍රිට් කොටස යට සුක්ෂම ලෙස සඟවා තිබියදී ජංගම දුරකථන උපාංග අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *