අනුර සහ ආණ්ඩුව ගැන චීනය කතාකරයි

ශ්‍රි ලංකාවේ අලුත් ගමනට සියලු ශක්තීන් ලබාදීමට සූදානම් බව, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොන්ග් මහතා පවසයි.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ශක්තිමත් නායකත්වය යටතේ ශ්‍රී ලංකාව අලුත් පරිච්ඡේදයක් ආරම්භ කර ඇති බවද ඒ මහතා කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා මේ බව සඳහන් කළේ , රුහුණ විශ්වවිද්‍යාලයේ පැවති උත්සවයක් අමතමිනි.

එහිදී, එම විශ්වවිද්‍යාලයේ දක්ෂතා සහිත අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ට ශිෂ්‍යත්ව ප්‍රදානයයි සිදු කෙරුණු බව වාර්තා වන අතර, චීන තානාපති කාර්යාලය මේ සඳහා වැය කළ මුදල රුපියල් තිස් හතර ලක්ෂයකි.

සිසුන් පනස් තුන් දෙනෙකුට එහිදී ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරුණු බව ද වාර්තා වේ.

එහිදී අදහස් දක්වා ඇති ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා,

“ශ්‍රී ලංකාව හා චීනය අතර පැවති මිතුදමට වසර 200ක පමණ ඉතිහාසයක් තිබෙනවා.ජාත්‍යන්තර තත්ත්වය කෙලෙස පැවතුනත් ඒවා දෙරටේ සබඳතාවයට කිසිදු බලපෑමක් එල්ල කළේ නෑ.චීනය ඕනෑම අවස්ථාවක ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා.චීනය ශ්‍රී ලංකාවේ හොද මිතුරෙකු හා ශක්තිමත් පාර්ශ්වකරුවකු ලෙස කටයුතු කරනවා.නව ජනාධිපති අනුර කුමාර දිසානායක යටතේ ශ්‍රී ලංකාවට නව යුගයක් උදාවෙලා තියෙනවා.එය ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරයි.තාවකාලිකව මුහුණදුන් අර්බුදයට ශක්තිමත් ලෙස මුහුණ දෙන්න ශ්‍රී ලංකා රජයට ජනතාව හැකි වුණා.ඔවුන් මුහුණ දුන් අභියෝගයන්ගෙන් පසුව ක්‍රමිකව නැගී සිටිනවා.එමෙන්ම මේ වන විට ආර්ථිකය ශක්තමත් කරගන්න හා සමෘද්ධිය ළඟාකරගන්න හැකි වෙලා”

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *