ඉන්දියාවෙ ගිහින් ආ වහාම ජනපති අනුර හමුවෙන්න චීනයෙන් එයි…ඉදිරි චීන සංචාරය ගැනත් සාකච්ඡා කරයි…

චීන මහජන දේශපාලන උපදේශන සම්මේලනයේ ජාතික කමිටුවේ උප සභාපතිනි කිං බොයොං මහත්මිය පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (18) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.

චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගු කාලීන සබඳතාව තවදුරටත් ශක්තිමත් කරමින් නව රජය සමඟ ඉදිරියටත් කටයුතු කිරීමට චීනය බලාපොරොත්තු වන බවත් ඉදිරියේදී චීනයේ සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට සහාය ලබා දීම, ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට ණය ලබා දීම, මෙරට ආපදා තත්ත්වයන් වලදී ආධාර ලබා දීම මෙන්ම පාසල් දරුවන්ට නිල ඇඳුම් ලබාදීම පිළිබඳවත් චීන රජයට කෘතඥතාව පළ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී කිං බොයොං මහත්මියට පැවසීය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *