හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘතයි

හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ බාහිර රෝගී අංශය හෙට (03) සිට යළි විවෘත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

පසුගියදා පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් මෙම රෝහලේ සේවා සැපයීම තාවකාලිකව නතර වී තිබුණි.

ඊයේ (01) වන විට රෝහලට විදුලි සැපයුම යළි ලබාදී ඇති අතර අද (02) දිනය තුළ ජල සැපයුමද යලි ලබා දුන් බව හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිනේධ් කොග්ගලගේ මහතා සඳහන් කළේය.

එමෙන්ම එම රෝහල තුළ හානියට පත්වූ සෙසු සියළු අංශ පියවරෙන් පියවර මහජන සේවා සඳහා යථාවත් කිරීමට හැකිවන පරිදි කඩිනමින් ස්ථාපිත කෙරෙන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය. 
 

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *