පසුගිය මහ මැතිවරණය වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික් අපේක්ෂේකයකු වශයෙන් තරග කළ වෛද්‍ය චමල් සංජීව ආයතන සංග්‍රහය උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව විසින් කරන ලද විමර්ශනයක දී හෙළි වීමෙන් පසුව ඔහුගේ වෛද්‍යවරයාගේ වැඩතහනම් කර ඇති බව වාර්තා වේ.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අත්සනින් මේ බව වෛද්‍ය චමල් සංජීව වෙත පසුගිය සතියේ දී දැනුම් දී තිබේ.
එම වැඩතහනම් කිරීමත් සමග ඔහුට දිවයිනෙන් බැහැරව යාමද තහනම් කර ඇති අතර, ඔහු සන්තකයේ රජයේ යම් බඩුබාහිරාදියක් වේ නම් කළුතර රෝහල් අධ්‍යක්ෂකවරයා වෙත භාර දෙන ලෙස ද දන්වා ඇත.
සෞඛ්‍ය සේවා කමිටුව විසින් අදාළ විමර්ශන වාර්තාව මෙයට සති දෙකකට පමණ පෙර නිකුත් කර ඇතැයි ද, ඒ අනුව පසුගිය වසරේ ඔක්තෝබර් මස 04 වැනි දින සිට වැඩ තහනමට ලක් කර ඇතැයි දවැඩි දුරටත් වාර්තා වේ.
වෛද්‍ය් චමල් සංජීව සම්බන්ධයෙන් නුදුරේ දීම විධිමත් විනය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක වනු ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රතිචාරයක් ලබාදෙන්න