බස් – ලොරි අනතුරක්.

බුත්තල – මොනරාගල ප්‍රධාන මාර්ගයේ එකොළහ කණුව ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ.

අද (10) දහවල් එම අනතුර සිදුව ඇත

මෙම අනතුරින් ලොරි රථයේ රියදුරු සහ සහායක බරපතළ තුවාල ලබා බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා ඇත.

ඊට අමතරව බස් රථයේ සිටි මගීන් කිහිපදෙනෙකු ද සුළු තුවාල ලබා ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොමැති බව පොලීසිය පැවසීය.

අනතුර සම්බන්ධයෙන් බුත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *