2025 විසර්ජන පනත් කෙටුම්පතෙන් මුදල් වෙන් කෙරෙන්නේ මෙහෙමයි.!

2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.

ඒ අනුව මේ වසරේ ජනවාරි මස 1 වනදා සිට දෙසැම්බර් මස 31 වනදා දක්වා වු කාලසීමාව සඳහා ආණ්ඩුවේ වියදම් ලෙස රු බි 4,616ක් ලෙස ඇස්තමේන්තු ගත කර තිබේ.

ඒ අනුව 2025 වසරේ අමාත්‍යාංශ සඳහා සිදුකර ඇති මුදල් වෙන්කිරීම් වලින් වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ මුදල් සහ ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට වන අතර, එය රුපියල් බිලියන 713කි.

අමාත්‍යාංශ අනුව සම්පූර්ණ වියදම් පිළිබඳ විස්තරය පහළින්,

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 8.3
මූලධන – රු. බි 5.4

මුදල් සහ ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 484
මූලධන – රු. බි 229

ආරක්ෂක අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 382
මූලධන – රු. බි 60

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 38
මූලධන – රු. බි 16

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 412
මූලධන – රු. බි 95

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 19.4
මූලධන – රු. බි 2

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 2.16
මූලධන – රු. මි 397

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 52.4
මූලධන – රු. බි 421

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 83
මූලධන – රු. බි 124

බලශක්ති අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 1
මූලධන – රු. බි 20

නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 3
මූලධන – රු. බි 98

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජාව සවිබලගැන්වීමේ අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 24
මූලධන – රු. බි 05

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 206
මූලධන – රු. බි 65

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 463
මූලධන – රු. බි 33

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 5.4
මූලධන – රු. බි 11

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 04
මූලධන – රු. බි 08

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 6.2
මූලධන – රු. බි 5.2

පරිසර අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 12
මූලධන – රු. බි 3.5

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 14
මූලධන – රු. මි 392

ඩිජිටල් අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 6.7
මූලධන – රු. බි 6.8

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 159
මූලධන – රු. බි 16

කම්කරු අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 4.3
මූලධන – රු. බි 1.7

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 7.1
මූලධන – රු. බි 5

විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 2.8
මූලධන – රු. බි 2.2

මේ අතර විශේෂ වියදම් ඒකකය යටතේ පහත පරිදි වියදම් සැකසී ඇත.

ජනාධිපති

  • මෙහෙයුම් වැඩසටහන
    පුනරාවර්ථන වියදම් රු බි 2.5
    මූලධන රු බි 354
  • සංවර්ධන වැඩසටහන
    පුනරාවර්ථන – රු මි 20
    මූලධන – රු මි 100

අග්‍රාමාත්‍ය කාර්යාලය

  • මෙහෙයුම් වැඩසටහන
    පුනරාවර්ථන වියදම් රු බි 1
    මූලධන රු බි 71

උපරිමාධිකරණවල විනිශ්චයකාරවරු

  • මෙහෙයුම් වැඩසටහන
    පුනරාවර්ථන වියදම් රු මි 451
    මූලධන රු මි 30

අමාත්‍ය මණ්ඩල කාර්යාලය

  • මෙහෙයුම් වැඩසටහන
    පුනරාවර්ථන වියදම් රු මි 205
    මූලධන රු මි 25

Spread the news

Comments

“2025 විසර්ජන පනත් කෙටුම්පතෙන් මුදල් වෙන් කෙරෙන්නේ මෙහෙමයි.!”ට එක් ප්‍රතිචාරයක්

  1. ගුරුවරුන්ගේ වැටුප් විශමතාව විසදයිද මේ පාරවත්, අවි අවුරුදු 27 වඩා මෙම වැටුප් විශමතාවෙන් පීඩා විදිනවා,

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *