සමහර නාලිකාවල නම ඉර උණාට පතුරන්නේ අඳුර…මීඩියා මොනවා කිව්වත් අපේ කෝච්චිය නතර කරන්නේ නෑ.!

ඇතැම් ජන මාධ්‍යවල කණ්ඩායම් අද රට ක්ලීන් වනවාට කැමති නැති බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරයි.

ජනමාධ්‍ය විසින් කුමක් ප්‍රකාශ කළද රජය සිය ගමන නතර නොකරන බව බිමල් රත්නායක පැවැසුවේය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ උත්සවයක් අමතමින් ඇමැතිවරයා කියාසිටියේ ඇතැම් රුපවාහිනී නාලිකා රටේ අඳුර පතුරමින් සිටින බවයි.

“සමහර ජනමාධ්‍යවල කට්ටිය රට ක්ලීන් වෙනවට කැමති නෑ. නම ඉර උණාට පතුරන්නේ අඳුර. ඒකට අපිට කරන්න දෙයක් නෑ. නමුත්, ජනවරමේ ක්ලීන් කරන්න කියලා තියෙනවා. අපි ක්ලීන් කරනවා. ඉතින් මීඩියාත් ක්ලීන් වෙනවා නම් හොඳයි. මීඩියා මොනවා කිව්වත් අපි අපේ කෝච්චිය නතර කරන්නේ නෑ. අපි ජනවරමට අනුව කටයුතු කරනවා.” යැයි හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *