ජනාධිපති අරමුදලට විද්ද මන්ත්‍රී ලොක්කො ගැන විමර්ශන ඇරඹේ.!

පසුගිය කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනීමේ සිද්ධින් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය පැවසුවේ ලැබුණු තොරතුරකට අනුව මෙම විමර්ශන ආරම්භ කර තිබෙන බවය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිළුපුලී ලංකාතිලක මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරමින් පැවසුවේ මෙම කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා එහි ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට වාර්තා කරන ලෙසය.

එමෙන්ම විමර්ශනවලට අවශ්‍ය ඉදිරි නියෝග වේ නම් ඒවා අධිකරණය වෙතින් ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරිය විසින් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාශයට දැනුම් දුන්නාය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *