කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ ඉල්ලා අස්වෙයි.!

කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ සඳුදා සිය ඉල්ලා අස්වීම නිවේදනය කර තිබේ.

පාලක ලිබරල් පක්ෂය නව නායකයකු තෝරාගත් වහාම තමා ධූරයෙන් ඉවත් වන බව ඔහු පවසා තිබේ.

2015 සිට බලයේ සිටින ටෲඩෝට අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට බලකෙරුණේ ලිබරල් පක්ෂයේ නායකයන් අතර දිග්ගැස්සුනු දේශපාලන අර්බුදයකින් පසුවය.

පක්ෂයේ අභ්‍යන්තර සටන් හේතුවෙන් තම දේශපාලන ප්‍රතිවාදීන්ට එරෙහිව මුහුණ දීමට නොහැකි වී ඇති බව ඔහු ජනමාධ්‍ය වෙත පැවසීය.

ඒ අනුව කැනඩා පාර්ලිමේන්තුව දැන් මාර්තු 24 දක්වා කල්තබන බව ඔහු ප්‍රකාශ කර ඇති අතර, එයින් අදහස් වන්නේ ඉදිරි මාස දෙකහමාරක් සඳහා පාර්ලිමේන්තුවේ කටයුතු ඇණහිට ඇති බවයි.

ලිබරල් පක්ෂයේ සභාපති සචිත් මෙහ්රා පවසා ඇත්තේ, නව නායකයකු තෝරා ගැනීම සඳහා මෙම සතියේ ජාතික මණ්ඩලයේ රැස්වීමක් කැඳවන බවයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *