රජයේ බැංකුවලින් ණය අරන් රට වැනසූ හිටපු මැති ඇමැතිලා ගැන හෙළිදරව්වක්.!

මැති ඇමතිවරුන් 1994 සිට මේ දක්වා රජයේ බැංකුවලින් ලබාගෙන ඇති ණය පිළිබඳ විස්තර තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබා ගැනීම සදහා ප්‍රධාන පෙළේ ව්‍යවසායකයන් පිරිසක් ශ්‍රී ලංකා මහ බැංකුවට අද (30) දිනයේ යෑමට නියමිත බව සුළු හා මධ්‍ය පරිමාණ ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා පවසයි.

පෙරේදා(28) වැල්ලවත්තේදී පැවැති සුළු හා මධ්‍ය පරිමාණ ඉදිකිරීම් කර්මාන්තකරුවන්ගේ සංසදයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව පැවසීය.

ඔහු වැඩිදුරටත් පැවසූවේ, හිටපු මැති ඇමතිවරුන් රැසක් ලක්ෂ පනහේ සිට සීය දක්වා එලෙස ණය ලබාගෙන ඇති බවයි.

රට මුහුණ දුන් ණය අර්බුදයේ මුල ඇත්තේ එතන බවත් එය රටට හෙළිදරව් කළයුතු බවත් ඔහු සඳහන් කළේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *