නව යුද හමුදාපති මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු

නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙස කටයුතු කළේය.

ඒ අනුව ඔහුගේ නම අද දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

වත්මන් යුද හමුදාපති මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා මේ වන විට ඔහුගේ දෙවන සේවා දිගුවේ කටයුතු කරමින් සිටින අතර ඔහුට තවත් සේවා දිගුවක් ලබා නොදී විශ්‍රාම ගැන්වීමට තීරණය කිරීමත් සමග මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා එම තනතුරට පත් කිරීමට නියමිතව තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *