රට ක්ලීන් කරන වැඩේ, ජනපති අනුර පළමුවනදා සිට අරඹයි…

රජය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන එළැඹෙන 01වනදා ආරම්භ කිරීමට නියමිතව තිබේ.

මෙම වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් පසුගිය දා ස්ථාපිත කළේය.

ජනාධිපති ලේකම් ආචාර්ය එන්. එස්. කුමානායක, වැඩබලන පොලිස්පති සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු සාමාජිකයන් 18 දෙනෙකුගෙන් එම ජනාධිපති කාර්ය සාධක බළකායට ඇතුළත් කර තිබුණි.

Spread the news

Comments

One response to “රට ක්ලීන් කරන වැඩේ, ජනපති අනුර පළමුවනදා සිට අරඹයි…”

  1. Congratulations….!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *