මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දැනට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින ඇල්ටෝ ධර්මෙ නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වන කාන්තාවන් දෙදෙනකු හා පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මල්වතුහිරිපිටිය, බුත්පිටිය ප්‍රදේශවල පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ මෙහෙයුම් ඒකකය සිදුකළ විශේෂ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් සතුව තිබී රුපියල් ලක්ෂ 25ක් වටිනා හෙරොයින් තොගයක්ද සොයාගෙන ඇති අතර, සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් සිදුකරනු ලබන බවත් වාර්තා වේ.
ප්‍රතිචාරයක් ලබාදෙන්න