අමෙරිකාව එ.ජා මානව හිමිකම් කවුන්සලයෙන් ඉවත් වෙයි.!

අමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයෙන් සහ පලස්තීන සරණාගතයින්ට ආධාර සපයන ඒජන්සියෙන් ඉවත් කරගැනීමට ඊට අදාළ විධායක නියෝගවලට අත්සන් තබමින් එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබේ.

පසුගිය ජනවාරි මාසයේදී ධුරයට පත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙවුණු සති කිහිපයක තුළ විවාදාත්මක තීරණ රැසක් ගැනීමට කටයුතු කළේය.

අමෙරිකාව පැරිස් කාලගුණ සම්මුතියෙන් ඉවත් විම, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වීම ඒ අතරින් ප්‍රමුඛයි.

මෙවන් පසුබිමක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් අමෙරිකාව ඉවත් කරගැනීමට ට්‍රම්ප් තීරණය කර තිබේ.

සිය ප්‍රථම ධුරකාලයේදී එනම් 2018 වසරේ ජුනි මාසයේදීත්, අමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයෙන් ඉවත්කරගැනීමට ට්‍රම්ප් පියවර ගත්තේය.

ඒ එම සංවිධානය මඟින් නුසුදුසු ජාතීන්ට රැකවරණය ලබාදෙන බව සහ ඊශ්‍රායලය කෙරෙහි නොනවතින පසමිතුරුකම් පෙන්වන බවට චෝදනා කරමිනි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *