අම්බලන්ගොඩ වෙඩි තැබීමක් – අයෙකු මරුට.

අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙකුට අද (22) උදෑසන වෙඩි තැබීමක් සිදු කර තිබේ.

වෙඩි තැබීමෙන් එම ආයතනයේ කළමනාකරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බව පොලීසිය පැවසීය.

මේ වන විට අනාවරණය වී ඇති කරුණු අනුව අපරාධ කල්ලි පාර්ශ්වයන් දෙකක් අතර ඇතිවූ ගැටුමක ප්‍රතිපළයක් මත මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය සැක කරයි.

එමෙන්ම වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ තැනැත්තාද අපරාධ කල්ලි සාමාජිකයින් සමග සම්බන්ධතා පැවැත්වූ අයෙකු බවටත් තොරතුරු අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධව සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *