දේශපාලන පළිගැනීම් කරන්න අවශ්‍ය වූනා නම් ඡන්දෙට පසුදා බොහෝ දේ සිදුවනවා.. අපරාධවලට දඬුවම් දීම පළිගැනීමක් නොවෙයි – ජනපති කියයි

ඝාතන චෝදනා ලැබූ පුද්ගලයන්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට හැකිනම් ජනතාව අපරාධ කෙරෙහි දක්වන සැලකිල්ලට කුමක් වනු ඇත්දැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රශ්න කරයි.

එනිසා මිනිසුන් නීතිය බිඳවැට්ටවීම සඳහා මෙන්ම නීතියට එරෙහිව කටයුතු කිරීමට බිය විය යුතු බවත්, එම බිය ඇතිවන්නේ අපරාධවලට දඬුවම් ලබාදීමෙන් බවත් ජනාධිපතිවරයා පවසයි.

ඒ සඳහා කටයුතු කිරීමේ දී දේශපාලනික පළිගැනීම් කරන බවට චෝදනා එල්ල කරන බවත්, එසේ දේශපාලනික පළිගැනීම් කිරීමට අවශ්‍ය වූවා නම් බලය මාරුවීමේ දී එය සිදුවිය යුතු වුවත් එසේ කිසිඳු පළිගැනීමක් සිදු නොවූ බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *