අමෙරිකාව මින් ඉදිරියට පිළිගන්නේ වෙනස් කළ නොහැකි ස්ත්‍රී, පුරුෂ දෙපක්ෂය පමණයි – ට්‍රම්ප්ගෙන් නියෝගයක්.!

අමෙරිකාව විසින් තවදුරටත් පිළිගනු ලබන්නේ වෙනස් කළ නොහැකි ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයක් පමණක් බව එරට නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇති අතර ඔහු ඊට අදාළ නියෝගහකට ද අත්සන් තබා ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව වාර්ගික සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීම සහ LGBTQ+ පුද්ගලයන් සඳහා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ඉලක්ක කරගත් ප්‍රතිපත්ති මාලාවක් ඉක්මනින් අවසන් කිරීමට ඔහු පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ.

ට්‍රම්ප්ගේ මෙම නියෝගයට අනුව රජය “ලිංගභේදය” වෙනුවට “ලිංගික” යන යෙදුම භාවිත කළ යුතු අතරම විදේශ ගමන් බලපත්‍ර සහ වීසා ඇතුළු රජය විසින් නිකුත් කරන ලද හඳුනාගැනීමේ ලියකියවිලි, පුද්ගලයෙකුගේ නොවෙනස්වන ජීව විද්‍යාත්මක වර්ගීකරණය වන පිරිමි හෝ ගැහැණු වශයෙන් පදනම් වියයුතු බව අනිවාර්ය වේ.

ට්‍රම්ප් බලයට පත්වීමෙන් පැය කිහිපයක් ඇතුළත බයිඩ්න් පරිපාලනය විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රතිපත්ති ආපසු හැරවීම සම්බන්ධයෙන් සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට ඉක්මණින් පියවර ගත්තේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *