අපරාධ මඩින්න කොළඹ ආරක්ෂාව තර කරයි.!

අපරාධ මර්දන මෙහෙයුම් වෙනුවෙන් කොළඹ නගරයේ පොලිස් ස්ථාන සදහා පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවීමට පියවර ගෙන තිබේ.

වෙඩි තැබීම් මැඩපැවැත්වීම සදහා සහාය අවශ්‍ය බව හඳුනාගෙන ඇති පොලිස් ස්ථානවලට පොලිස් විශේෂ කාර්ය බළකායේ කුඩා කණ්ඩායම් යෙදවීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සදහන් කරයි.

2025 වසරේ ගත වූ කාලසීමාව තුළ අපරාධ කල්ලි අතර වෙඩි තැබීම් 07ක් සිදුවී ඇති අතර බහුතරයක් වාර්තා වී ඇත්තේ කොළඹ හා තදාසන්න ප්‍රදේශ වලින් වන අතර එම වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 05 දෙනෙකු මියගොස් ඇත.

සාමාන්‍ය පොලිස් ස්ථානවලට විශේෂ කාර්ය බළකාය යොදවනු ලබන පළමු අවස්ථාව මෙය වන අතර අපරාධ ක්‍රියාකාරකම් බහුලව පවතින ප්‍රදේශවල දිවා හා රාත්‍රී කාලයේදී හදිසි මාර්ග බාධක ස්ථාපිත කර ජංගම මුර සංචාර වැඩි කිරීමට පියවර ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කරයි.

Spread the news

Comments

“අපරාධ මඩින්න කොළඹ ආරක්ෂාව තර කරයි.!”ට ප්‍රතිචාර 3ක්

  1. ජයවේවා පොලීස් ආරක්ෂාව යෙදවීම ඉතා හොදයි විශේෂ කාර්‍යය බලකාය හරියට කරයි.

  2. ජයවේවා පොලීස් ආරක්ෂාව යෙදවීම ඉතා හොදයි විශේෂ කාර්‍යය බලකාය හරියට කරයි.

  3. ජයවේවා පොලීස් ආරක්ෂාව යෙදවීම ඉතා හොදයි විශේෂ කාර්‍යය බලකාය හරියට කරයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *