ජනපති අනුරව ඩුබායිහි දී මහත් හරසරින් පිළිගනී.!

මෙරටින් බැහැරව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස අද (10) දින පස්වරුවේ ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ළඟා විය.

එහිදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ වෙළඳ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය තානි බින් අහමඩ් අල් සෙයුඩි ඇතුළු රාජ්‍ය නියෝජිතයන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස මහත් හරසරින් යුතුව පිළිගත්තේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වැඩබලන තානාපති තක්ෂිලා ආර්නෝල්ඩා, ඩුබායි සහ උතුරු එමීරයන් සදහා වන ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල් ඇලෙක්සි ගුණසේකර ඇතුළු ඩුබායි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජිතයින් පිරිසක්ද ජනාධිපතිවරයා පිළිගැනීමේ අවස්ථාවට එක්විය.

ඒ අනුව ජනාධිපතිවරයා අද පස්වරුවේ මාස්ටර් ඉන්වෙස්ට්මන්ට් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී සහ රාස් අල් කයිමාහි පාලකවරයාගේ බෑණනුවන් වන ෂෙයික් අබ්දුල්ලා බින් මොහොමඩ් අල් කාසිමි හමුවීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ආර්ථික හා ආයෝජන සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි මෙම විශේෂ හමුවේදී අවධානය යොමු කෙරෙනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *